ගම්, වසම්, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප ස්ථාපිත කළ යුතුයි - ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සජිත් පෙරට එයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධයක් හෝ හුරුපුරුද්දක් නොමැති හේතුවෙන් සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියම සමූල ඝාතනය කිරීමට උත්සාහ කරමින් සිටින බව සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේදී අදහස් දක්වමින්.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුන අතර බලය බෙදී යාම සහ සංවරණ හා තුලන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වුවත් වත්මන් රජය එම කුළුණු අතර ඇති බලය බෙදීයාම සහමුලින්ම විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
එසේම එක්සත් රාජධානිය වැනි රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි තීරණ ගනු ලැබුවේ වසර දෙකකට වැඩි කාලයක් පුරා පක්ෂ හා විවිධ පාර්ශ්වකරුවන් සමඟ විවෘත සංවාද පවත්වා පොදු එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව බව පෙන්වා දුන් ඔහු, මෙරට රජය 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එවැනි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ සාමූහික සාකච්ඡා ක්‍රියාවලියක් අනුගමනය නොකළ බවට ද චෝදනා කරයි.
එසේම ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ජාති, ආගම්, කුල හෝ පක්ෂ භේදයකින් තොරව රටේ ලක්ෂ 220ක් වූ ජනතාව එකමුතු විය යුතු බවත්, විධායකයේ වගවීම තහවුරු කිරීමට ගම්, වසම්, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් "ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප" ස්ථාපිත කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරයි.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහජන සෛරීත්වය ජයග්‍රහණය කරවීමට විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට නායකත්වයදීමට තමන් සූදානම් බවයි.
ඊට අමතරව, සමගි නීතිඥ සම්මේලනය ඔස්සේ නොමිලේ නීති උපදෙස්, ජංගම නීති සේවා සහ නීති සායන ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මූලික හා මානව අයිතිවාසිකම් යන්න දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකර සමාජීය, ආර්ථික හා ආගමික අයිතිවාසිකම් දක්වා පුළුල් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.