රටින් පිටතට මුදල් ගෙනියන අලුත්ම විදේශ විනිමය රෙගුලාසි මෙන්න - කෝපා කමිටුවේදී හර්ෂ ද සිල්වාගෙන් තද ප්‍රශ්න කිරීමක්
2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි මෙන්ම විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව අනුමැතිය හිමිව ඇත මෙහිදී 2026 අංක 01 දරන රෙගුලාසිය යටතේ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
මෙරට නේවාසිකයන් සහ දේශීය සමාගම් විදේශයන්හි සිදුකරන ආයෝජන, ඒ සඳහා සුදුසුකම් ලබන ක්ෂේත්‍ර, ප්‍රාග්ධනය විදේශයන් වෙත යැවීමේ සීමාවන් සහ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පිළිබඳව එහිදී සාකච්ජාවට ළක්කර ඇත 2026 අංක 02 දරන රෙගුලාසිය සම්බන්ධයෙන් විගාමිකයන්ගේ වත්කම් සහ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීමේ ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු විය. එමෙන්ම කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීමේ විධිවිධාන පිළිබඳවද නිලධාරීන් කරුණු පැහැදිලි කර තිබේ
විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ පනවා ඇති විදේශ විනිමය පිටතට ගලායාමේ තාවකාලික සීමාවන් පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ
මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහුද සහභාගී වී තිබුණි.
විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම සීමාවන් පනවා ඇති බව මහ බැංකු නිලධාරීන් පැහැදිලි කළ අතර, ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ ඒවා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට කටයුතු කරන බවද සඳහන් කර තිබේ. මේ අතර, ලැයිස්තුගත සමාගම් සඳහා විදේශ ආයෝජන සීමාව රෙගුලාසි යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස පැවතියදී, අදාළ නියෝගය මඟින් එය ඩොලර් මිලියන 0.75ක් දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කර තිබේ. ඊට පිළිතුරු දෙමින් මහ බැංකු නිලධාරීන් සඳහන් කර ඇත්තේ ඩොලර් මිලියන 0.75ක සීමාව මාස හයක කාලයක් සඳහා පමණක් බලපැවැත්වෙන බවයි.
2027 වසරේදී එම සීමාව ලිහිල් කිරීම පිළිබඳව සලකා බලන බවද ඔවුන් සඳහන් කර තිබේ. ලැයිස්තුගත නොවූ සමාගම් සඳහා අදාළ සීමාව ඩොලර් මිලියන 0.2ක් බවද නිලධාරීහු පැහැදිලි කළහ.
එම සීමාවන් ඉක්මවා විදේශ ආයෝජන සිදුකිරීමේදී සමාගමේ ශේෂ පත්‍රය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ කටයුතු කළ හැකි බවද නිලධාරීන් සඳහන් කර ඇත. කෙසේ වෙතත්, එවැනි ක්‍රමවේදයකින් ඉහළ වත්කම් සහිත විශාල සමාගම්වලට වැඩි වාසියක් හිමිවිය හැකි බවටද සාකච්ඡාවේදී අදහස් පළ විය.
විදේශ විනිමය අවිධිමත් ලෙස රටින් පිටතට ගලායාම වැළැක්වීම සඳහා බැංකු සහ රේගු දත්ත අතර පවතින පරස්පරතා අවම කිරීමට පියවර ගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. ඒ සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද නිලධාරීහු පැවසූහ. කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ අධික ලෙස නීති රීති දැඩි කිරීම සහ අනවශ්‍ය රෙගුලාසි පැනවීම මඟින් දේශීය ව්‍යාපාරිකයන් අධෛර්යමත් විය හැකි බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. විදේශ විනිමය පිටතට ගලායාම දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් අනාගතයේදී රට තුළට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණයද අඩුවීමේ අවදානමක් පවතින බවයි