ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ NVQ-4 පාඨමාලාව නිමකළ සිසුන් 105කට සහතිකපත්
ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ පැවැත්වුණු ක්‍රීඩා අභ්‍යාස NVQ-4 පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (29) හාලිඇළ විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අ.පො.ස (උසස් පෙළ) තාක්ෂණ විෂය ධාරාව යටතේ ගිරාඳුරුකෝට්ටේ පිහිටි ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සාර්ථකව පුහුණුව නිමකළ සිසු සිසුවියන් 105 දෙනෙකු සඳහා සහතික පත්‍ර පිරිනමනු ලැබීය.
දැනුම, ආකල්ප හා කුසලතා සපිරි ජවසම්පන්න ක්‍රීඩා පරපුරක් බිහිකිරීමේ අරමුණින් ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් මෙම පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ප්‍රනාන්දු ගෝකුළ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෝලිත බී. විජේසේකර, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.