මත් ජාවාරම්කරුවන්ට එරෙහිව ජනාධිපති කාර්යාලයෙන් හදිසි තීරණයක් - පැය 24ම වැඩකරන අංකය මෙන්න
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වනවිට “රටම එකට” ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, එය පැය 24 පුරා ක්‍රියාත්මක වී ඇත .
දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඒ හා සම්බන්ධ ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීම සඳහා මෙම ක්ෂණික ඇමතුම් සේවාව හඳුන්වා දී තිබේ.
ඒ අනුව, රටේ ඕනෑම ප්‍රදේශයක සිටින පුද්ගලයෙකුට විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු 1818 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කඩිනමින් දැනුම් දිය හැකිය.
තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ රහස්‍යභාවය සම්පූර්ණයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද අදාළ බලධාරීහු සඳහන් කරති.
එමෙන්ම, මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම සේවාවේ විශේෂත්වයක් බවද සඳහන් වේ.
මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරේ.
ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය ජාවාරමක්, බෙදාහැරීමක් හෝ ඊට සම්බන්ධ වෙනත් සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ඇත්නම්, 1818 ක්ෂණික ඇමතුම් අංකය අමතා ඕනෑම වේලාවක ආරක්ෂිතව අදාළ ආරක්ෂක අංශ වෙත එම තොරතුරුලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.