සබරගමුවේ නවකවදය සිද්ධියට අදාළව තවත් සිසුන් 4ක් පොලිසියට භාරවේ

Report

පසුගියදා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන මියයාමේ සිදුවීමත් සමඟම සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය පිළිබඳවත් සමාජයේ බොහෝ සෙයින් කතා බහටලක්වුනා.

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

මෙම සිසුවා ගෙල වැලලාගෙන මියගිය මානසික අව පීඩන තත්ත්වයෙන් නිසා බව ඔහු ලිඛිතව ලියුමකින් ලියා තබා තිබුණත් මේ සිදුවීම වීමට දවස් කීපයකට පෙර ඔහු අධික ලෙස නවකවදය නිසා නිරන්තරයෙන්ම පීඩාවට ලක්වී තිබෙනවා. මේ හේතුව නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන විට සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

ඒ වගේම අද වන විට මෙම සිදුවීමට සම්බන්ධ වෙමින් ක්‍රියා කළ තවත් සිසුන් හතර දෙනෙක් සමනල වැව පොලිසිය වෙත භාරවී තිබෙනවා. ඒ අනුව පොලිසිය වෙත භාර වූ මෙම සිසුන් හතර දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවට පොලිසිය ප්‍රකාශ කළා.

තවද සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ. නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු