මං දෙවැනි උනේ මහා පරාක්‍රමබාහුට විතරයි(VIDEO)

minister S.B.Disanayake Parakkrama bahu mahindh rajapaksha un fair
By Sewvandhi Jul 17, 2021 12:49 AM GMT
Report

තමන් අද පාර්ලිමේන්තුවේ පසුපසට තල්ලු වී සිටිය ද මහින්ද රාජපක්ෂ මහතා ළඟට ජේෂ්ඨත්ත්වයට සිටින්නේ තමා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. අද සිටින තත්වය දැන තමන් කලකිරීමකින් සිටින බවද පැවසූ ඔහු එය මහා වේදනාවක් මහ පරාජයක් සේ නොපෙන්වා සිනහවෙන් සිටින බවද පැවසීය.

තමන් විසින් දරන ලද අමාත්‍යාංශයන් සියල්ලම වාර්තා තැබූ බවද පැවසූ ඔහු තමන් කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන කාලයේ අස්වැන්න දෙවැනි වූයේ මහා පරාක්‍රමබාහු රජුට පමණක් යයිද පැවසීය.වත්මන් රජය යටතේ තමන්ට සිදු වුයේ අසාධාරණයක් යැයි ද පවසන ඔහු නමුත් ඒ ගැන සැලීමක් නැති බවද කියා සිටියේය.

තමනට අමාත්‍ය ධුරයක් ලබා නොදීම වැරදි බව පෙන්වාදෙන ඔහු තමන් ඒ ගැන විමසා නැති නමුත් ඇමති ධුරයක් ලබා දුන්නොත් භාර ගන්නා බව ද පැවසීය. තම නිවසේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now