රුවන්වැලි සෑයේ චූඩාමානික්‍යයටත් විදියි.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jan 23, 2023 10:05 AM GMT
Wayomi

Wayomi

Report

රුවන්වැලි මහා සෑයේ චූඩාමානික්‍ය සොරකම් කර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව පසුගිය සතියේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කර ඇති අතර එහි වාර්තාව අද (23) දිනයේ දී කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතයි.

මෙහි වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව 7ක් නම් කරමින් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW