ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් ඉදිරියේ රුපියලට වෙච්ච් දේ.
Sri Lankan rupee
The Bank of Ceylon
Sri Lanka Economic Crisis
By Wayomi
මාස 1 කට පෙර
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා රුපියල සෙසු ජාත්‍යන්තර මුදල් ඒකකවලට සාපේක්ෂව ඉහළ අගයකින් කඩා වැටී තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2022 වසරේදී සියයට 44. 8 කින් කඩා වැටී ඇති අතර යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය කඩා වැටී ඇත්තේ සියයට 41.4 කින්
බ්‍රිතාන්‍යයේ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 38. 1 කින් කඩා වැටී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 40. 8 කින් කඩා වැටී තිබීම තවත් කැපී පෙනෙන තත්ත්වයක්.
ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටී ඇත්තේ සියයට 38. 6 කින්. ජපාන "යෙන්" මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 36. 4 කින් කඩා වැටී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
