රුපියලේ තව දුරටත් ශක්තිමත් වෙයි - මහ බැංකුවේ නවතම විනිමය අනුපාත මෙන්න
By Malith Madushan
ශ්‍රී ලංකා රුපියල අද (20) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 327.41 සිට රුපියල් 326.05 දක්වා පහළ ගොස් ඇත.
එමෙන්ම ඩොලරයේ විකුණුම් මිලද රුපියල් 336.40 සිට රුපියල් 335.01 දක්වා අඩුවී තිබේ. බදාදා දිනයට සාපේක්ෂව අද රුපියල ගල්ෆ් කලාපයේ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂවද අගය ඉහළ නංවාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව පෙනී යයි.