දේශපාලනයේ හදිසි හැරවුමක් - පොහොට්ටුවේ හිටපු ලොක්කෙක් දිලිත්ට එක් වෙයි
හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බණ්ඩාරගම, හිටපු ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කළ ලලිත් එල්ලාවල මහතා සර්වජන බලය සමඟ එක්ව ඇත.
එබැවින් ලලිත් එල්ලාවල මහතා සර්වජන බලයේ කළුතර නියෝජ්‍ය දිස්ත්‍රික් නායකවරයා වශයෙන් සහ සර්වජන බලයේ උත්තරීතර මණ්ඩල සභිකවරයෙකු වශයෙනුත් පත් කර තිබෙනවා.
අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
එම පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් සර්වජන බලය මූලස්ථානයේදී ලලිත් එල්ලාවල මහතා වෙත නිල වශයෙන් පිරිනමා ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන හා සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව කේන්ද්‍ර කරගත් නව දේශපාලන ගමනක් සඳහා ලලිත් එල්ලාවල මහතාගේ අත්දැකීම් සහ දායකත්වය සර්වජන බලයට නව ශක්තියක් එක් කරනු ඇති බවට අපේක්ෂා කරයි.