පන්දු යවන්නන් දෙදෙනා පන්දුව දෙකට කපාගෙන බෙදාගනි - ක්‍රිකට් ඉතිහාසයේ අපුර්වතම සිදුවිමක්

Report

පාකිස්තානයට එරෙහිව ලීඩ්ස්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී කඩුලු 5 බැගින් දවාගත් එංගලන්ත පන්දු යවන්නන් වන ඔලී රොබින්සන් සහ ජොෂ් ටංග් තමන්ට හිමි වූ තරග පන්දුව දෙකට බෙදා ගැනීමට තීරණය කර තිබේ.

පාකිස්තාන ඉනිම ලකුණු 171කට සීමා කිරීමට දෙදෙනාම කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් අතර, ඉනිම අවසානයේ තරග පන්දුවද රැගෙන ක්‍රීඩාංගණයෙන් පිටව ගොස් තිබිණි. කෙසේ වෙතත්, පන්දුව තමන් සන්තකයේ තබාගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුවක් ඇති කර නොගෙන, එය දෙකට කපා කොටස් දෙකම තමන් අතර බෙදා ගැනීමට ඔවුන් තීරණය කර ඇත.

ඒ අනුව හෙඩිංලි ක්‍රීඩාංගණයේ සේවකයන් විසින් පන්දුව මැදින් කපා රොබින්සන්ට සහ ටංග්ට කොටස් දෙක ලබාදී තිබේ. එම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් රොබින්සන් පවසා ඇත්තේ එකම ඉනිමකදී පන්දු යවන්නන් දෙදෙනෙකු කඩුලු 5 බැගින් දවාගැනීම දුර්ලභ අවස්ථාවක් බැවින්, එය මතකයේ රඳවා ගැනීමට මෙය විශේෂ සිහිවටනයක් වන බවයි.

මෙය එංගලන්ත පිරිමි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එකම ඉනිමකදී පන්දු යවන්නන් දෙදෙනෙකු කඩුලු 5 බැගින් දවාගත් 16 වැනි අවස්ථාව වන අතර, 2006 වසරෙන් පසු එවැනි දස්කමක් දැක්වූ පළමු අවස්ථාවද වේ.

තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් රොබින්සන් පාකිස්තාන ඉහළ පෙළේ පිතිකරුවන් අතරින් සිව්දෙනෙකු දවාගත් අතර, අනතුරුව ටංග් පාකිස්තාන ඉනිමේ අවසන් පිතිකරුවන් කිහිපදෙනා ඉක්මනින් දවාගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් සටනේ දෙවැනි දිනයට වර්ෂාව හරස් වෙයි [LIVE

ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් සටනේ දෙවැනි දිනයට වර්ෂාව හරස් වෙයි [LIVE

නවසීලන්තයට එරෙහි අවසන් ටෙස්ට් තරග දෙක මගහැරීමෙන් පසු කණ්ඩායමට යළි එක්වූ රොබින්සන්ට මෙම දස්කම තවත් විශේෂ අවස්ථාවක් වී තිබේ. පසුගිය සතියේ ඔහුගේ දෙවැනි දියණිය වන ඊවා උපත ලැබීමද මෙම සතිය වඩාත් විශේෂ කළ බව ඔහු සඳහන් කර ඇත.

තම ශාරීරික යෝග්‍යතාව සහ පන්දු යැවීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීමට පසුගිය සති කිහිපය තුළ එංගලන්ත වෛද්‍ය කණ්ඩායම සමඟ සමීපව කටයුතු කළ බවද රොබින්සන් පවසා තිබේ. එංගලන්තය වෙනුවෙන් අඛණ්ඩව දස්කම් දැක්වීම තම ඉදිරි අරමුණ බවත්, තරග මඟහැර නොගෙන ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යමින් තම රිද්මය තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

හේරත්ගේ වාර්තාව ස්ටාර්ක් බිඳ දමයි - වමත් පන්දු යවන්නන් අතර ටෙස්ට් පිටියේ අංක එකට

හේරත්ගේ වාර්තාව ස්ටාර්ක් බිඳ දමයි - වමත් පන්දු යවන්නන් අතර ටෙස්ට් පිටියේ අංක එකට




Gallery