මුහුදු යන අයට කාලගුණයෙන් රතු එළියක් - තද සුළං සමඟ මුහුද රළු වෙයි

Report

තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදය අදාළ වේ.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුද විටින් විට රළු විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් 3ත් අතර දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවද සඳහන් වේ.

එම තත්ත්වය හේතුවෙන් ඇතැම් වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී. ඒ අනුව, ධීවර සහ නාවික කටයුතුවල නිරත පිරිස් මෙම කාලගුණ තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කොළඹට ජනතාවට සුභ ආරංචියක් - ලෝක බැංකුවෙන් ණය අරන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

කොළඹට ජනතාවට සුභ ආරංචියක් - ලෝක බැංකුවෙන් ණය අරන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

නීතිඥ සංගමයෙන් සජිත්ට ලියුමක් - 22 ගැන කතාකරන්න ආණ්ඩු-විපක්ෂ මන්ත්‍රීවරුන් එකට ගේන්න

නීතිඥ සංගමයෙන් සජිත්ට ලියුමක් - 22 ගැන කතාකරන්න ආණ්ඩු-විපක්ෂ මන්ත්‍රීවරුන් එකට ගේන්න



Gallery