පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියට අඳාළ සැකකරුවන් යළිත් රිමාන්ඩ් කරන මෙන් නියෝග

Report

පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියට අඳාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 14 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (30) දින නියෝග කර ඇත.

මෙසේ නියෝග කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුවයි.

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

එසේම මෙම සිද්ධියට අඳාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් සිව් දෙනාගෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශ ලබා ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

එමෙන්ම සිද්ධියට අඳාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අඳාළව විමර්ශන කටයුතු කඩිනම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඉස්ලාම් දහමට අපහාස කළායැයි ඥානසාර හිමිට අධිචෝදනා

ඉස්ලාම් දහමට අපහාස කළායැයි ඥානසාර හිමිට අධිචෝදනා

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන පාර්ලිමේන්තු විවාදයකට අනුමැතිය

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන පාර්ලිමේන්තු විවාදයකට අනුමැතිය