ඉස්ලාම් දහමට අපහාස කළායැයි ඥානසාර හිමිට අධිචෝදනා
ඉස්ලාම් දහමට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා භාර දෙනු ලැබීය.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුවට අදාළව අධිචෝදනා පත්‍රය කියවා දීමෙන් අනතුරුව, උන්වහන්සේව ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව මීට පෙර පැවති මූලික විමර්ශනවලින් අනතුරුව මහාධිකරණය හමුවේ මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඇප කොන්දේසි මත මුදා හැරුණු උන්වහන්සේට නියමිත දිනට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.