ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන පාර්ලිමේන්තු විවාදයකට අනුමැතිය

Report

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය ලබා දීමට රජය එකඟතාව පළ කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (30) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව තහවුරු කළේය. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් දළදා මාලිගාවේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව ඔහු මේ බව පැවසීය.

බංග්ලාදේශයට රතු එළියක් - ආහාර සම්බන්ධයෙන් උග්‍ර අර්බුදකාරී තත්ත්වයක්

බංග්ලාදේශයට රතු එළියක් - ආහාර සම්බන්ධයෙන් උග්‍ර අර්බුදකාරී තත්ත්වයක්

ලබන 05 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය අණපනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බැවින් සහ ලබන 08 වැනිදා වියට්නාම ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බැවින්, මෙම විශේෂ විවාදය මැයි මස 19 වැනිදායින් ආරම්භ වන සතියේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට