මේ සිසුන්ට සුබ ආරංචියක් - විශේෂ දීමනාවක්

Report

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල සිසුන්ට මහපොළ දීමනාවට අමතරව රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම දීමනාව ලබා ගත හැකි වන්නේ වසරකට රුපියල් ලක්ෂ පහකට වඩා අඩු ආදායමක් ලබන පවුල්වල සිසුන්ට බව සඳහන්.

කොමිෂන් සභාව චක්‍රලේඛයක් මගින් උපකුලපතිවරුන්ට දැනුම් දී ඇත්තේ මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ගෙවීමේ දී අනුගමනය කරන අනෙකුත් කොන්දේසි මෙම දීමනාව සඳහා ද අනුගමනය කෙරෙන බවයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල පවතින මුදල්වලින් මෙම දීමනාව ලබාදෙන ලෙසත් එම මුදල මාසිකව පියවන බවත් ය.

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක්

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක්

ඒ අනුව මෙම වසරේ ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා අයැදුම් කරන සිසුන් අනිවාර්යයෙන් ම අභ්‍යන්තර සිසුන් විය යුතු බව ද වාර්තා වේ.

මේ අතර මහපොළ දීමනාව රුපියල් දසදහස දක්වා ද ශිෂ්‍යාධාර දීමනාව රුපියල් නවදහස දක්වා ද මේ වන විට වැඩිකර තිබෙනවා. 

අද 2 න් පස්සේ දිවයිනේ තත්ත්වය ගැන දැනුම්දීමක්

අද 2 න් පස්සේ දිවයිනේ තත්ත්වය ගැන දැනුම්දීමක්

අප්‍රේල් මාසය තෙක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසය තෙක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්