අධ්‍යාපනය හදාරන මේ සිසුන්ට රජයෙන් සුබ ආරංචියක් - රුපියල් මිලියන 4,000 ක මුදලක් ලබා දෙයි

Report

2027 සිට 2031 දක්වා වූ කාලසීමාව තුළ මෙරට වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නගාසිටුවීම සඳහා රුපියල් මිලියන 42,000 කට ආසන්න මුදලක් වෙන්කිරීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

ඉන් රුපියල් මිලියන 4,000 ක පමණ මුදලක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (11) පැවැති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 05 වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2026 ඇමතූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

මෙහිදී පාඨමාලා 15 ක් යටතේ වෘත්තීය අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කළ ඩිප්ලෝමාධාරීන් 717 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. නවීන ලෝකයට ගැලපෙන පරිදි විෂයමාලා යාවත්කාලීන කිරීම, නව පාඨමාලා හඳුන්වාදීම, කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සහ ශිෂ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඔස්සේ වෘත්තීය පුහුණු අධිකාරිය සෑම පළාතකම පවතින ප්‍රධාන විශිෂ්ටතා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම මෙම ආයෝජනයේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එක් විභාගයක් හෝ එක් නිශ්චිත මාර්ගයක් මත පමණක් අධ්‍යාපනයේ වටිනාකම තීරණය වන සාම්ප්‍රදායික පටු ආකල්පයෙන් මිදී, විවිධත්වයෙන් යුත් අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීමට වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා කටයුතු කරමින් සිටින බවත්, පවතින ලෝකය වඩාත් උසස් තැනකට ගෙන යා හැකි පුරවැසියන් බිහිකිරීම අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට එක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා සඳහන් කළේ ජාතික සංවර්ධනය උදෙසා මානව සම්පත දියුණු කිරීම අතිශය වැදගත් බවත්, ආර්ථික ජයග්‍රහණ හරහා රටේ සිසුන් තුළ අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත්ය.

සුගීෂ්වරට ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් දුවත් මානසික පීඩනෙන් - ඇප දෙන්නයැයි උසාවියෙන් ඉල්ලයි

සුගීෂ්වරට ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් දුවත් මානසික පීඩනෙන් - ඇප දෙන්නයැයි උසාවියෙන් ඉල්ලයි

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විජිත වීරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.