රට වටේම තියෙන ජනපති මන්දිරවලට ජනපති නොගියත් පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන් - නඩත්තුවට මිලියන ගාණක්
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි.
ඒ අනුව එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවයි.
එසේම ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675ක් ලෙස වාර්තා වේ.
ඊට අමතරව කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්.
එසේ වුවත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා ඇත.
රටේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා තිබෙනවා.