වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

මෙම නියෝගය ඊයේ (12) මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ලබා දී ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනයක් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් වින්දිතයන් සුරැකීමේ පනත යටතේ පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කළ නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී ලසන්ත වික්‍රමසේකර මහතා අධිකරණය හමුවේ පෙනී සිට නොමැති අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ඔහු රෝගාතුර බවට දැනුම් දී ඇත.

 

බැකෝ සමන්ගේ ගෝලයා T81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

බැකෝ සමන්ගේ ගෝලයා T81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්