වහාම ක්‍රියාත්මක වන පරිදි ලියාපදිංචි වීමක් අත්හිටුවයි..

Roshan Ranasinghe Sri Lanka Politician Sri Lanka Department of Motor Vehicles
By Aruna Aug 10, 2023 03:40 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම සංගමයේ ලියාපදිංචිය වහාම අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන බවත් එහි සඳහන්වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ ඒ කටුයුතු අධීක්ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ට බලය පවරන බවයි.

ඔහු ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය පැවැත්වීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එමඟින් නිලවරණ කමිටුවක් පත්කර ගත යුතු වේ.

ReeCha