නැන්දම්මා කෙනෙක් විදියට ඇය මට සලකන්නේ හරියට මගේ අම්ම වගේ.

By Sithumi Oct 23, 2022 01:24 PM GMT
Sithumi

Sithumi

Report

විවිධ චරිත හරහා පුංචි තිරය ඔස්සේ අපි අතරට එන මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. කලාවට නව අරුතක් ගෙන එමින් විවිධ කලා නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපේ ආකර්ෂණය ලබා ගන්න රොෂාන් පිලපිටිය ආදරණීය රංගන ශිල්පියා රංගනයෙන් දායක වෙන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ නානායක්කාරගේ චරිතය මේ වන විට රසිකයන් ආදරයෙන් වැළදගත්ත ටෙලිනාට්‍යයක්. 

   ඉතින් රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විවාහ වෙලා ඉන්නේ සුරූපි රිද්මා පිලපිටිය සමගිනුයි. ඉතින් රිද්මා රොෂාන් ආදරණීය කැදැල්ලට පුංචි පුතු රාහුල් එකතු වෙනවත් එක්ක ඔවුන්ගේ කැදැල්ලේ සතුට එන්න එන්නම වැඩි වෙනවා. යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රිද්මා නිවසේ වගා කටයුතුත් නිසියාකාරව කරගෙන යනවා. 

 ඉතින් රොෂාන් පිලපිටිය අංගන ශිල්පියාගේ ආදරණීය මෑණියන් තමයි මල්ලිකා පිලපිටිය කියන්නේ. ඇය මීට මාස පහකට පමණ පෙර මෙලොවින් සමුගත්තා. ඉතින් ඇය ගැන රිද්මා අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි. ” මට මගේ අම්මද රොෂාන් අයියගෙ අම්මද කියලා කිසි වෙනසක් නෑ. 

 අම්මා ඒ තරමටම හොදයි. නැන්දම්මා කෙනෙක් විදියට ඇය මට සලකන්නේ හරියට මගේ අම්ම වගේ. ගෙදරදොර වැඩ වලදි පවා රොෂාන් අයියට වඩා මට තැන දීලා වැඩ කරන්න කියන්නේ. මම තවම හිතනවා මමත් නැන්දම්මෙක් වුනාම කොහොමද අම්මා වගේ සලකන්නේ, කතා බහ කරන්නේ කියලා.”