පුද්ගලයෙකු විසින් පෙට්‍රල් දමා නිවසට ගිනි තියලා - ගින්නෙන් පියා සහ දියණිය මරුට

Report

අද (06) අලුයම 2 පමණ, ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් පෙට්‍රල් දමා තම නිවසට ගිනි තැබූ බව වාර්තා වේ.

මෙම ගින්නෙන් 43 හැවිරිදි පුද්ගලයා සහ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්නට හසු වූ 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

නිවසේ සිට තිබුණේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය සිදු වූ විට එම ස්ථානයට පැමිණ තිබේ.

පසුව මව සහ සහෝදරියන් බේරා ගැනීමට යෑමට යැවූ අවස්ථාවේදී 20 හැවිරිදි පුත්‍රයාද පිළිස්සුම් තුවාල ලබා තිබේ. තොරතුරු අනුව, ගිනි තැබූ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳට පහර දී ඇති බවට අනාවරණය වේ.

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්