මාර්ග පුනරුත්ථාපනය වෙනුවෙන් හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය.

Vijitha Herath Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Nov 06, 2024 05:59 AM GMT
Wayomi

Wayomi

Report

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වසර 5ක ව්‍යාපෘති කාලසීමාවක් සහිතව කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර 2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එකී වැඩසටහන යටතේ මේ වන විට රුපියල් බිලියන 28.37 ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව පවතී.

එමෙන්ම අත්‍යවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ කිලෝ මීටර 1,000 ක් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස හඳුනාගෙන ඇත.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

එම වැඩසටහන් දෙක යටතේ නිරවුල් කළ යුතුව පවතින හිඟ බිල්පත් පියවීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති, එහෙත් මේ දක්වා භාවිත කර නොමැති ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.. - ගිවිසුම් කතා බොරු.. - හිටපු ඇමති කංචනගේ අනාවරණය මෙන්න.

තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.. - ගිවිසුම් කතා බොරු.. - හිටපු ඇමති කංචනගේ අනාවරණය මෙන්න.

ReeCha