ප්‍රධාන මාර්ගයක සුදු ඉරි වලින් ඇහෙන අමුතුම කතාවක්...මෙතෙක් නෑසූ අමුතුම හෙළිදරව්වක්..

Sri Lanka Political Road development
By Aruna Mar 08, 2022 12:02 AM GMT
Aruna

Aruna

Report

ප්‍රධාන පෙලේ මාර්ගයක සුදු ඉරි ඇඳීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අඩියක් රුපියල් අටකට පින්තාරු කිරීමට ඉදිරිපත් වූ ටෙන්ඩරය නොසලකා හැර අඩියක් රුපියල් තිස් දෙකකට පින්තාරැ කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

අඩියක් රුපියල් තිස් දෙක ගණනේ පින්තාරු දීමට භාරගත් ආයතනය නැවතත් අඩිය රුපියල් අට බැගින් පින්තාරු කිරීම සඳහා උප කොන්ත‍්‍රාත් කරුවකුට භාරදී ඇති බව ද වාර්තා වෙයි.

එම කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති ආයතනය ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සමීප හිතවතෙකුගේ යයිද සදහන්ය.

කිලෝමීටරයකට පින්තාරු කල යුතු අඩි ප‍්‍රමාණය 6000 කට වඩා වැඩි වන අතර මුළු මාර්ගයේම සුදු ඉරි පින්තාරු කිරීම සඳහා මෙම කොන්ත්‍රාත්තුව බාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now