රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

By Wasantha Aug 03, 2021 04:54 AM GMT
Report

කොළඹ - කුරුණෑගල මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ. මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයෑමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

පොලිස් සැරයන්වරයා අලව්ව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ පොතුහැර, අහුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now