හිටපු ඇමති රිෂාඩ් ගේ නිවසේ සේවය කළ දැරිය මිය යයි.(VIDEO)

News paper
By Aruna Jul 16, 2021 05:32 AM GMT
Aruna

Aruna

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා පසු ගිය ජූලි 3 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 16 මාස 8ක් පමණ වන දැරිය ඊයේ (ජූලි 15) දින මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මගින් විමර්ශන සිදු කෙරුණු බවත් අධිකරණයට දැනුම් දීමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඊයේ දින සිදු කළ බව ය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණය ඒ සම්බන්ධයෙන් තීරණයක් දීමට නියමිත බවත් බොරැල්ල පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් මාධ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

අද දවසේ වැඩිදුර තොරතුරු පහත වීඩියවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha