රට වසා දැමුවොත් ඇතිවිය හැකි අවධානම ගැන විශේෂඥයින්ගේ පැහැදිළි කිරීමක්!

covid19 economic colombo university close the country Priyanga Dunusinghe
By Sewvandhi Jun 25, 2021 09:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තවදුරටත් දිගින් දිගටම වසා තැබීමෙන් රටේ ආර්ථිකය අනතුරුදායක තත්ත්වයකට ඇද වැටෙනු ඇති බවට ආර්ථික විශේෂඥයින් මත පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝගයටත් වඩා වැඩි අභියෝගයක් ඉදිරියේදී ආර්ථික ක්ෂේත්‍රයේ මතු වීමේ අවදානමක් පවතින බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ තවදුරටත් රටම වසා තැබීමෙන් සෞඛ්‍ය අංශයට ලැබෙන ප්‍රතිලාභය ඉක්මවා ආර්ථිකයට සිදුවන හානිය වැඩිවිය හැකි බවයි.

රට වසා තැබීමත් සමග රජයේ ආදායම කඩා වැටීම මෙන්ම විදෙස් සංචිත අඩුවීම ද පවතින ආර්ථික අර්බුදය උග්‍ර කිරීමේ ගැටළු බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් වසා තැබීම දීර්ඝ කාලීන හා මධ්‍ය කාලීන බලපෑම් එල්ල කරනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව ඉකුත් අප්‍රේල් මාසයට සාපේක්ෂව ඉකුත් මැයි මාසයේදී මෙරට උද්ධමනය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. සියයට 5 යි දශම 5 ක් වූ අප්‍රේල් මාසයේ උද්ධමනය, සියයට 6 යි දහම 1 ක් දක්වා මැයි මාසය වනවිට ඉහළ ගොස් තිබුණා.

ආහාර මෙන්ම ආහාර නොවන යන කාණ්ඩවල මිල ගණන් ඉහළ යාම මීට හේතුව ලෙසටයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මේවනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 202 යි ශත 89 ක් දක්වා පහළ බැස තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha