මහනුවර දිස්ත්‍රික්කයට අවදානම් නිවේදන....

Kandy Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Hashini Nov 20, 2023 11:35 AM GMT
Hashini

Hashini

Report

පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි සංවිධානය මඟින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් නායයෑමේ අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව, මහනුවර දිස්‍ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩ පළාත, උඩුනුවර, පාතදුම්බර, මැදදුම්බර , උඩුදුම්බර අවදානම් කලාප වනවා.

තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිහිපයක් නායයෑමේ අවදානමට ලක් වුයේ ගත වූ පැය 24 තුල මි.මී.සියය ඉක්මවූ වර්ශාපතනයක් ලැබීම හේතුවෙනි.

මහනුවර දිස්ත්‍රික්කයට අවදානම් නිවේදන.... | Risk Notifications For Kandy District

එසේම එම ප්‍රදේශයේ නායයෑම්, බෑවුම් , පස් කඳු කඩා වැටීම් හා පොළව ගිලා බැසීම ආදිය පිළිබඳව ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවද එම සංවිධානය දැනුම් දෙනවා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග රැසකට පස්කඳු සහ ගල් පෙරලි ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ නායයෑම් අවදානම් පැවතීම හේතුවෙන් අනාරක්ෂිත අන්දමින් රැඳී සිටි පවුල් කිහිපයක් එම ස්ථානවලින් ඉවත් කළ බවයි. 

කොත්මලේ හා මහවැලි ගඟ අවට අවදානම්....

කොත්මලේ හා මහවැලි ගඟ අවට අවදානම්....

...............................


ReeCha