රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීන්දුව මෙන්න.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහු ව ඔක්තෝබර් 08 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමක දී ඇඹිලිපිටිය පොලිස් වසමේ නව නගරය පාර, මල්ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ දී කේරළ ගංජා ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කේරළ ගංජා සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී ක්ෂණික මාර්ග බාධකයක් යොදා මොවුන් ව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 40 සහ 43 වයසේ පුද්ගලයින් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම කේරළ ගංජා මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් ප්‍රවාහනය කරමින් අම්බලන්තොට, හම්බන්තොට, කතරගම යන ප්‍රදේශවලට මහා පරිමාණයේ ගැනුම්කරුවන්ට අලෙවි කරන බවට කරුණු අණාවරණය කරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල වටිනාකම රුපියල් දෙලක්ෂ හැට දහසක් පමණ වෙන බවටයි ගණන් බලා ඇත්තේ.
වැඩිදුර පරීක්ෂණ ඇඹිලිපිටිය පොලිසිය විසින් සිදු කරනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
