සෆාරි උද්‍යානයේ තාප්පයක් කඩා වැටේ.. සතුන් පැන යාම වලකන්න මෙහෙයුමක්..
Dehiwala Zoological Garden
By Sewvandhi
ඊයේ රාත්‍රිය දක්වාම ඇද හැලුණු මහ වැසි හේතුවෙන් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානය වටා ඉදිකර තිබූ තාප්පයේ අඩි 30 පමණ කොටසක් කඩා වැටී තිබේ.
මෙම කොටසේ සතුන් රදවා සිටි කොටසත් බව රිදියගම සෆාරි උද්‍යනය පවසයි. තාප්පය කඩා වැටීමෙන් පසු සතුන් පලායාම වැලැක්වීම සදහා සේවකයන් යොදවා ඇත.
තාප්පයේ කඩා වැටුනු කොටස යථා තත්වයට පත්කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදි සිදුකරන බව වැඩිදුරටත් පවසයි.