අයි.පීගේ ගණිකා නිවාසය වටලයි..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 04, 2023 01:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කුරුණෑගල මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කළේ, නවාතැන් සඳහා කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, නවාතැන් පොළක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය කුරුණෑගල නුවර මාර්ගයෙ ගැට්ටුවාන මංසන්ධිය ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇති බවයි.

අදාල සැකකාරියන් රැඳී සිටි කාමරයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ස්වල්පයක් සමඟ ගංජා ස්වල්පයක්ද සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.

පොලීසිය සැක පළ කරන්නේ ගණිකා වෘත්තියේ නිරතවූ තරුණියන් මෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට ඇති ලෙසයි. විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන යාම හේතුවෙන් මෙම ස්ථානය කිසිවෙකුගේ සැකයට බඳුන්වී නැතත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොබ්බෑවල මහතාට ලද තොරතුරකට අනුව මෙම ස්ථානය වටලා ඇත.

අදාල තරුණියන්, මෙම ස්ථානයේ සිට ඇත්තේ නවාතැන් පොලෙහි සේවය කරන පිරිසක් ලෙස වන අතර උපාය දූතයෙකු යොදවා මෙම ස්ථානය වැටලීමට පොලීසිය පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 19 ත් 29 ත් අතර වයසෙහි පසුවන මොනරාගල , අනුරාධපුර , කොළඹ , බත්තරමුල්ල පදිංචිකරුවන් බවද කියයි.

රුපියල් හය දහසක මුදලක් ගෙවා මොවුන්ගේ පහස ලබාගත හැකිව තිබූ බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියා වැල්ලව පදිංචිකරුවෙකි. ඔහු සමඟ එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් තිදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha