පාස්කු වන්දි නඩුවේ වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ඇතුළු වගඋත්තරකරුවන් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ පාස්කු වන්දි නඩුවට පෙනී සිටීම සඳහාය.
ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබුවන්ට වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වනදාය.
මෝසමක් ඉදිරිපත් කරමින් පෙත්සම්කරුවන් කිහිපදෙනෙකු කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් අදාළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නොමැති බැවින් ඔවුන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා බවයි.
එම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනු ලබන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ වල තොරතුරු සැඟවීමට කටයුතු කළ බවයි.
