මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ වල ජල මට්ටම පහළට
By Kanchana
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස ඇත එම ජලාශ භාර ඉංජිනේරුවන් සදහන් කළේ මේ හේතුවෙන් විදුලි උත්පාදනයට බාධා පැමිණීමේ අවදානමක් පවතින බවයි.
අද(29) දින උදෑසන 6:00 විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් වාර්ථා අනුව කාසල්රි ජලාශය ජලාශ මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40යි අගල් 10ක්ද මාවුස්සාකැලේ ජලාශය අඩි 26යි අගල් 11ක් දක්වා පහළ බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් සදහන් කර තිබේ
මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේද ජල මට්ටම පහළ බැස ඇති අතර, සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළි වලද පහළට කඩා වැටෙන ජල ධාරිතාවද අඩු වීම හේතුවෙන් එම දිය ඇළිවල සුන්දරත්වය අඩු වී ඇති බව වාර්තා වේ .