දිට්වා වන්දිවලින් කාන්තාවකගෙන් අල්ලස් ගත් නිලධාරියා යළි රිමාන්ඩ්

Report

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවකට හිමිවූ රජයේ වන්දි මුදල් නිදහස් කර දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වූ රාජ්‍ය නිලධාරියා ලබන ජූනි 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (25) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙන්වා දුන්නේ, කුණාටුවෙන් නිවස අහිමි වූ අදාළ කාන්තාවට රජයෙන් අනුමත වූ රුපියල් ලක්ෂ විස්සක වන්දිය ලබා දීම වෙනුවෙන් සැකකරු මෙම මුදල ලබාගෙන ඇති බවයි.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බැවින් සහ තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම ගෙතූ ව්‍යාජ පැමිණිල්ලක් බවයි.

වින්දිත කාන්තාව රුපියල් ලක්ෂ පනහක වන්දි මුදලක් බලාපොරොත්තු වූවද එය ඉටු නොවීම හේතුවෙන් ඇති වූ කෝපය මත තම සේවාදායකයා පළිගැනීමකට ලක් කර ඇති බවත්, සිදුවීමෙන් දින 8ක් යනතුරු පැමිණිලි නොකර ප්‍රමාද වීම තුළම මෙම සැකය තහවුරු වන බවත් විත්ති පාර්ශවය තර්ක කළේය.

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ අතර, සැකකාර නිලධාරියාට පැවරී තිබූ නිල රාජකාරිවල ස්වභාවය ඇතුළත් වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේය.