මේ මස දින 02ක් බෞද්ධ ධජය ඔසවා තබන ලෙස ඉල්ලීමක්

By Sewvandhi Oct 08, 2021 10:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පරිණිර්වානය සිදු වී වසර 2,281 ක් සැපිරෙන එළඹෙන 12 සහ 13 යන දෙදින සෑම නිවසකම බෞද්ධ ධජය ඔසවා තබන ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අනුව එළඹෙන ඔක්තෝම්බර් 12, 13 යන දිනයන්හී සෑම බෞද්ධ නිවසක් ඉදිරිපිටම පහනක් දැල්වීමටද කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මිහිදු මහ රහතන් වහන්සේගෙන් ලක්වාසී ජනාතාවට සිදුවූ අමිල සේවාවට කෘතගුණ දැක්වීමක් ලෙස මෙලෙස කොඩි එසවීම සහ පහන් දැල්වීම සිදු කරන ලෙස ද බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha