කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසයි. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00ක්.
එසේම ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.