බැකෝ සමන්ගේ බිරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
රුපියල් මිලියන 147 බැංකු ගිණුම් පවත්වාගෙන ගියේ යැයි කියන බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි සැකකාරියගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ප්‍රතික්‍ෂේප කර ඇත.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදුකළ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්‍ෂේප කර තිබේ.
ඇප මත සිටින සැකකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නීතීඥවරයා කරුණු දක්වමින් ,සැකකාරියගේ දරුවා කුඩා බැවින් ඇප කොන්දේසිය "මසකට වරක් අවසන් ඉරු දින රහස් පොලිසියේ පෙනී සිටීම යනුවෙන් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින ලදි.
සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය කරුණු දක්වමින් කියා සිටියි.
තවද මෙම සැකකාරිය ට අයත් බව කියන බැංකු ගිණුම් 4 ක ඇති රුපියල් ලක්ෂ 80 අධික මුදලක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් ප්‍රකාශ කර තිබේ .
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විමර්ශන ප්‍රගතිය මැයි මස 07 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර ඇත.