මගී ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සහතික කෙරේ – අගමැති

Report

මගී ජනතාවට ගුණාත්මක හා සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. දශක හයකට අධික ඉතිහාසයක් ඇති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වසර ගණනාවක් නිසි නඩත්තුවකින් තොරව පැවති අතර, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ එය නවීකරණය කර පසුගිය අප්‍රේල් 08 වනදා ජනතා අයිතියට පත් කර තිබේ.

එම නවීකරණයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය එම ස්ථානය නිරීක්ෂණයට ලක් කළාය. 1964දී ඉදිකරන ලද මෙම බස් නැවතුම්පොළ, නවීන පහසුකම් සහිතව කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කර ඇති අතර, විශේෂයෙන් කාන්තාවන්ගේ සුවපහසුව සහ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබීම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය.

එසේම, දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන කිරිදෙන මව්වරුන් සඳහා පෞද්ගලිකත්වය රැකෙන අයුරින් සකස් කළ විවේක ස්ථානයක් ද විශේෂයෙන් ප්‍රශංසාවට ලක් විය.

ඉරාන යුද්ධයේ මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවයි

ඉරාන යුද්ධයේ මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවයි

මගීන් සඳහා නවීන ආසන වෙන්කිරීමේ ක්‍රමවේද, තොරතුරු ලබාගැනීමේ පද්ධති සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ස්ථාපිත කර ඇති නවීන නිරීක්ෂණ පද්ධති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණි.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය මගී ජනතාව සමඟ සංවාදයක නිරතව, නව පහසුකම් සහ සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ ඔවුන්ගේ අදහස්ද විමසා බැලුවාය.

රජයේ අරමුණ වන්නේ පොදු ප්‍රවාහන සේවාව නවීන තාක්ෂණයෙන් සමන්විත, ආරක්ෂිත සහ ජනතාවට ගෞරවයෙන් භාවිතා කළ හැකි සේවාවක් බවට පත් කිරීම බවද ඇය මෙහිදී අවධාරණය කළාය.

විමර්ශන වාර්තාවෙන් පසු රජය නිහඬයි - පොහොට්ටුවෙන් ආණ්ඩුවට කනේ පාරක්

විමර්ශන වාර්තාවෙන් පසු රජය නිහඬයි - පොහොට්ටුවෙන් ආණ්ඩුවට කනේ පාරක්