බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව්දෙනෙකු සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සිද්ධිය 2025 නොවැම්බර් 16 වනදා, ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේ අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්තාවය සම්බන්ධවයි.
වැඩිදුර විමර්ශන අවස්ථාවේදී, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ඉදිකිරීම් අනවසර බවට පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් ද එල්ල විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර, අධිකරණය ජනවාරි 19 වනදා දක්වා මෙම පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.