රටම කම්පා කළ ගැරඬිඇල්ල ඛේදවාචකයට අදට අවුරුද්දයි - මියගිය අය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

Report

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී වූ මාරක බස් අනතුරට වසරක් පිරීම නිමිත්තෙන් මියගිය අයට පිං අනුමෝදන් කරමින් හා තුවාල ලබා සිටින අයට සෙත් පතා අනතුර සිදු වු ස්ථානයේදී අද (11) සර්ව ආගමික වතාවත් පවත්වා ඇත.

කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් ඇතුළු නිලධාරින් සහ කොත්මලේ ප්‍රදේශවාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර ඇත.

මහා සංඝරත්නය එම ස්ථානයට වඩම්මවා පිරිත් සජ්ඣායනා කර අනතුරින් මියගිය 24 දෙනාට පින් අනුමෝදන් කරමින් පැන් වැඩීම සිදුකළ අතර අන්‍යාගමික පූජකවරු එම ස්ථානයට කැඳවා එම ආගමානුකූලව වතාවත් සිදු කර ඇත.

තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?

තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?

මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශිය ලේකම්වරයා සමග පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියේය. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වු ලංගම බස් රථය කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයෙදි ඉකුත් 2025 වසරේ මැයි 11 වැනිදා අළුයම අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම අනතුර සිදුව තිබුණි.

එහිදී බස් රථයේ ගමන් ගත් රියැදුරු ඇතුලු 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු පමණ බරපතල ලෙස තුවාල ලැබුවේය.