තායිලන්ත දේශපාලනයේ තීරණාත්මක හැරවුමක් - තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

Report

 තායිලන්ත දේශපාලනයේ ප්‍රබලම චරිතයක් වන හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා මහතා මාස අටක සිරදඬුවම් කාලයක් අවසන් කිරීමෙන් පසු අද (11) නිදහස ලබා ඇත .

අද (11)පෙරවරු 7:40 ට පමණ බැංකොක්හි ක්ලෝන්ග් ප්‍රෙම් (Klong Prem) මධ්‍යම බන්ධනාගාරයෙන් පිටතට පැමිණි 76 හැවිරිදි තක්ෂින් ශිනවත්‍රා පිළිගැනීමට ඔහුගේ දියණිය වන පැටොන්ග්ටාර්න් ශිනවත්‍රා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දඬුවම් කාලයෙන් තුනෙන් දෙකක් ගෙවා අවසන් කිරීම හේතුවෙන් ඔහුට මෙම සමාව හිමි වූ අතර, ඉතිරි කාලය තුළ ඔහු විද්‍යුත් පාද සංදර්ශකයක් (Electronic ankle monitor) පැළඳ සිටිය යුතු බව බන්ධනාගාර බලධාරීන් දැනුම් දී තිබේ.

උණුසුම මැද ට්‍රම්ප් තැබූ සටහන නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ආයෙත් අහස උසට - නව මිල ගණන් මෙන්න

උණුසුම මැද ට්‍රම්ප් තැබූ සටහන නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ආයෙත් අහස උසට - නව මිල ගණන් මෙන්න

  වසර 15ක් විදේශගතව සිටි තක්ෂින් 2023 වසරේදී යළි තායිලන්තයට පැමිණියේ වසර අටක සිරදඬුවමකට මුහුණ දීම සඳහාය.

රජු විසින් ඔහුගේ දඬුවම වසරක් දක්වා අඩු කළද, ඔහු සිරගෙදර ගත කළේ පැය කිහිපයක් පමණකි පසුව හෘදයාබාධ පවසමින් රෝහල්ගත වූ ඔහු මාස හයක් රෝහලේ ප්‍රභූ අංශයේ රැඳී සිට ඇත.      

ඔහු සහ වෛද්‍යවරුන් එක්ව අනවශ්‍ය සැත්කම් පෙන්වමින් හිතාමතාම රෝහල් කාලය දීර්ඝ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීන්දු  කරන ලදි

වසර 25ක් තිස්සේ තායි දේශපාලනය මෙහෙයවූ තක්ෂින්ගේ බලය මෑත කාලීනව තරමක් හීන වී ඇති බව දේශපාලන විචාරකයෝ සදහන් කරයි.

විශේෂයෙන්ම ඔහුගේ ‘පියු තායි’ (Pheu Thai) පක්ෂය මෙවර මැතිවරණයේදී ලැබූ පසුබෑම සහ ඔහුගේ දියණියට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වීම මෙයට ප්‍රධාන හේතුව වේ .

කෙසේ වෙතත්, “ඔහු කළ සෑම දෙයක්ම කළේ ජනතාව වෙනුවෙන්” යැයි පවසන ඔහුගේ දැඩි ආධාරකරුවන් තවමත් විශ්වාස කරන්නේ තක්ෂින්ගේ නිදහස තායිලන්ත දේශපාලනයේ තීරණාත්මක හැරවුමක් වනු ඇති බව සදහන්ය