කත්මණ්ඩු ආ තුර්කි ගුවන් යානය හදිසියේ ගිනි ගනී

By Kanchana May 11, 2026 08:05 AM GMT
Report

 නේපාලයේ කත්මණ්ඩු අගනුවර ට්‍රිබුවාන් ගුවන්තොටුපොළ බලා ආ තුර්කි මගී යානයක ගින්නක් හටගන ඇත.

මෙම ගින්න හටගත්තේ යානයේ පිටුපස රෝද පද්ධතියේය.

තුර්කි ගුවන් සේවයට අයත් ටීකේ 726 නමැති මගී ගුවන් යානය මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ අද (11) උදෑසනය.

යානයේ මගීන් 278 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනකු සිටි බව පැවැසෙයි.

මගීන් අතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් ද සිටියහ. නියමුවන්ට යානය පාලනය කර ගනිමින් නවත්වා ගැනීමට හැකිවුණු අතර, ගිනි නිවන භටයන් සහ ගිනි නිවන ට්‍රක් රථ වහා යානය වෙත පැමිණ ගින්න නිවා දැමීය.

තායිලන්ත දේශපාලනයේ තීරණාත්මක හැරවුමක් - තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

තායිලන්ත දේශපාලනයේ තීරණාත්මක හැරවුමක් - තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

කෙසේ වෙතත් මගීන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හෝ අනතුරක් සිදු වී නැති බව වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ වී ඇත.

මූලික තක්සේරුවලින් පෙනී යන්නේ හයිඩ්‍රොලික් පයිප්පයක ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා දුම ඇති වූ බව ගුවන් සමාගමේ සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යාහ්යා උස්තුන් මහතා x සටහනක් තබමින් සදහන් කර තිබේ .

ගම්මන්පිල ෆයිල් මිටියක් අතින් අරන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

ගම්මන්පිල ෆයිල් මිටියක් අතින් අරන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

මගීන් නැවත පැමිණීම සඳහා අතිරේක ගුවන් ගමනක් සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.