විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515කට පත්වීම් ලිපි ප්‍රදානය අද

Report

හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා ඇත.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි .

ඒ අනුව කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේ දී අද (29) දින පෙරවරු 10.00 ට පැවැත්වෙන නිල උත්සවයේදී මෙම පත්වීම්ලාභීන් වෙත III ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්- අස්වැසුම අද සිට බැංකු ගිණුම්වලට

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්- අස්වැසුම අද සිට බැංකු ගිණුම්වලට

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි එම පත්වීම්ලාභීන් මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රධාන රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් දත්ත අනුව, මෙරට සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ හෙද නිලධාරීන් 43,553 ක ශ්‍රම බලකායක් සක්‍රීය සේවයේ නිරතව සිටියි .

එමෙන්ම ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම උදෙසායි පසුගිය වසර දෙකක කාලසීමාව තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441 ක පිරිසක් බඳවාගෙන තිබේ .

ඉදිරියේ දී මෙරට සෞඛ්‍ය සේවාවට එක්වීමේ අරමුණින් දැනටමත් දිවයින පුරා පිහිටි හෙද විදුහල් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,800 කට ආසන්න ප්‍රමාණයක් සිය වෘත්තීය පුහුණුව ලබමින් සිටී .

තවද ඉදිරි සායනික සේවා අවශ්‍යතා සලකා බලා ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතිය වෙත තවත් නවක සිසුන් 3,000 ක පිරිසක් බඳවා ගැනීම සඳහා වන අනුමැතිය ද මේ වන විට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබාගෙන තිබේ . 

රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - වෙසක් සතියට දැඩි නීතියක් - වහාම මේ WhatsApp අංකයට හෝ 119 අමතන්න

රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - වෙසක් සතියට දැඩි නීතියක් - වහාම මේ WhatsApp අංකයට හෝ 119 අමතන්න