විදෙස්ගමන් බලපත්‍රයට හිමි පිළිගැනීම ඉහලට
ඩුබායි පදනම් කරගත් ගෝලීය උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව මෙරට විදේශ ගමන්බලපත්‍රයට ඇති පිළිගැනීම ඉහළගොස් තිබෙනවා.
මෙම වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ එම ආයතනය රටවල් 199ක් පදනම් කරගනිමිනි.
එහි ශ්‍රී ලංකාව 171වන ස්ථානයේ සිට 168වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉහළට පැමිණ ඇත.
Nomad Capitalist ආයතනය නිර්ණායක 5ක් පදනම්කරගෙන ලොව පුරා එක් එක් රටවල විදේශ ගමන්බලපත්‍රවල ශක්තිමත් බව ප්‍රකාශයට පත්කිරීම කරනු ලබයි.
මෙම ඉහළ යෑමට එක් හේතුවක් වී තිබෙන්නේ වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයට රටවල් 57කට සංචාරය කිරීමට හැකිවීමත්ය.
Nomad Capitalist වාර්තාව අනුව අයර්ලන්තය මෙම වසරේ ලොව ඉහළම පිළිගැනීම හිවි විදේශ ගමන්බලපත්‍රය හිමි රට වේ. වත්මන් අයර්ලන්ත විදේශ ගමන්බලපත්‍රයට වීසා රහිතව හෝ පැමිණීමේ වීසා (on arrival visa) සහිතව රටවල් 176කට ගමන්කළ හැකිය.
ස්විට්සර්ලන්තය සහ ග්‍රීසියට එහි දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
ලොව පුරා රටවල් 175කට වීසා රහිත හෝ වීසා මත පැමිණීමේ ප්‍රවේශය ලබාගැනීමේ හැකියාවක් මෙම රටවල දෙකෙහිම පුරවැසියන්ට හිමි වනවා.
මෙම වාර්තාවට අනුව ඉහළම පිළිගැනීමක් ඇති දකුණු ආසියානු රට වන්නේ මාලදිවයින වන අතර, ඔවුන්ට ලොව 104වන ස්ථානය හිමිව තිබෙනවා.
මාලදිවයින් විදේශ ගමන්බලපත්‍රය හිමි අයෙකුට රටවල් 101කට වීසා නොමැතිව හෝ පැමිණීමේදී වීසා මත පැමිණීමේ ප්‍රවේශය භුක්ති විඳීමේ හැකියාව තිබේ.
ඇෆ්ගනිස්තානයට දකුණු ආසියාව තුළ දුර්වලම විදේශගමන් බලපත්‍රය හිමි වී ඇති අතර ඔවුන් ලෝක මට්ටම තුළද අවසන් ස්ථානයේ එනම් 199වන ස්ථානයේ රැඳී සිටියි.
පාකිස්තානය (ලොව 195), බංග්ලාදේශය (181) හා නේපාලය (180) යන රටවල් දකුණු ආසියානු රටවල් අතර සෙසු දුර්වලම විදෙස් ගමන්බලපත්‍ර ඇති රටවල් ලෙස පත්ව තිබෙනවා.
148වන ස්ථානයේ සිටින ඉන්දියාව මෙම වාර්තාවට අනුව එහි පුරවැසියන්ට රටවල් 75කට වීසා රහිතව හෝ on arrival visa මත ගමන් කිරීමට හැකිය.
භූතානයට 140වන ස්ථානය ලබා ඇත්තේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව ද අභිබවා යමිනි.
භූතානය මාලදිවයිනෙන් පසු දකුණු ආසියාවේ දෙවන ශක්තිමත්ම විදේශ ගමන්බලපත්‍රය හිමි රට බවට පත්ව තිබෙනවා.
