මෝටර් රථයෙන් හප්පලා ඇදවැටුනට පස්සේ පන්න පන්න වෙඩි තියලා - අම්බලන්ගොඩ ඝාතනයේ කුරිරු බව CCTV වලින් [UPDATE]

Report

පොලීසිය මඟින් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීමට ඔහුගේ මස්සිනා වන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇති බවට සැක කරයි.

ඒ අනුව මීටියාගොඩදී ඉකුත් මැයි මාසයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාගේ පුත්‍රයා විසින් අඳාළ ඝාතනය සිදුකර ඇති බවට දැනටමත් තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ පෙරවරු 10.30ට පමණ අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය අසළදී මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඒ අනුව අඳාළ ඝාතනය සිදුකරන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ මෙසේයි. අඳාළ දර්ශනවල දැක්වෙන්නේ ඝාතනය වූ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස රතුපැහැති මෝටර් රථයක් ලුහුබැඳයන අයුරුයි. අනතුරුව එම මෝටර් රථය මඟින් අදාළ යතුරුපැදිය අනතුරට ලක්කර තිබුණා.

උඹේ තාත්තාව මැරුවේ මමයි - අම්බලන්ගොඩ ඝාතනයේ කවුරුත් නොහිතපු සුල මුල එළියට

උඹේ තාත්තාව මැරුවේ මමයි - අම්බලන්ගොඩ ඝාතනයේ කවුරුත් නොහිතපු සුල මුල එළියට

එහිදී යතුරුපැදිකරු ඇදවැටුණු පසු මෝටර් රථයෙන් බැස ගන්නා වෙඩික්කරු යතුරුපැදිකරු පන්න පන්නා වෙඩිතබා ඝාතනය කරන අකාරය අඳාළ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

මීටියාගොඩ මානම්පිය, තඹහිටිය ප්‍රදේශයේ අවහන්හලක් තුළ පසුගිය මැයි මස 4 වැනිදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ අතර පොලීසිය පැවසුවේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය අදාළ ඝාතනය මෙහෙයවා තිබූ අතර ඊට පළිගැනීමක් වශයෙන් ඔහුගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැකකරන බවයි.

එයට හේතුව මීටියාගොඩදී ඝාතනය වූ පුද්ගලයාගේ පියා වන මහදුම නලීන් නැමැත්තාගේ පුත්‍රයා වන ඉසුරු නැමැත්තා විසින් කරන්දෙණිය සුද්දාගේ මස්සිනාගේ විදෙස්ගතව සිටින පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී තිබීමයි.

ඒ ''උඹේ තාත්තා මැරුවෙ මම. මගේ තාත්තා මරපු හින්දා.'' යනුවෙන්. කෙසේ වෙතත් මේ වනවිට ඉසුරු නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

[SNCWNWF ]