මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Report

හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා කරයි.

ඒ අනුව අඳාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය සොහොයුරා නිදහස් කරන ලෙස බලකරමින් පොලිස් නිලධාරීන්ව බිය ගැන්වීම සහ බලහත්කාරය යෙදවීම නිසා බව සඳහන්.

අඳාළ නියෝජිතයා හිඟුරක්ගොඩ, යටියල්පතාන ප්‍රදේශයේ පදිංචි අතර ඊයේ (4) දින සවස් කාලයේදී පොලිස් භූමිය තුළදීම අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පොලිසියේ ලොකු පුටු විසි නමයකට වහාම ස්ථාන මාරු

පොලිසියේ ලොකු පුටු විසි නමයකට වහාම ස්ථාන මාරු

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරයාගේ සොහොයුරා පොලිස් භාරයට ගෙන ඇත්තේ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් ඔවුන්ගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම මෙන්ම ඔවුන්ගේ යතුරුපැදියට හානි කිරීම යන චෝදනා යටතේයි.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

එබැවින් සවස පොලිස් ස්ථානයට පැමිණි මන්ත්‍රීවරයා, ඔහුව මුදා හරින මෙන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බලපෑම් කිරීමේ සිද්ධිය මත ඔහු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්