ප්රභාකරන්ගේ පුතා මැරුණොත් ඒක යුධ අපරාධයක් වෙන්න ඕනේ - රෝහණ විජේවීරගේ දරුවෝ ආරක්ෂිතයි සහරාන්ගේ දරුවෝ ආරක්ෂිතයි එහෙනම් ඇයි ප්රභාකරන්ගේ දරුවන් විතරක්?
අද (10) රැස් වූ පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම් මහතා විසින් ඊයේ දිනයේ දී අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කල නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිලිබදව සිය අදහස් දැක්වූයේය.
එහිදී LTTE නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ පුත්‍රයා පිලිබදව පල වූ පුවත් පිලිබදව තම විවේචනය ප්‍රකාශ කළේය.
එහිදී ඔහු පවසා සිටියේ,
"ත්‍රස්තවාදය වැලැක්වීමේ අලුත් පනතක් ගේනවා කියලා අධිකරණ ඇමති කිව්වා.මේක හරියට ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. අද මම දැක්කා දෙමළ පුවත් පතක පුවතක් තිබ්බා" ප්රභාකරන්ගේ පුතා ඝාතනයට චැනල් 4 පින්තූරය බොරු කියයි "දැන් මේකේ කියන්නේ ප්රභාකරන්ගේ පුතා බාලචන්ද්‍රන්ගේ ඝාතනයක් ගැන. ඔහු බංකරයක ආහාර ගන්නවා වගේ පිංතූර පසුව වෙඩි තුවාල සහිත ඔහුගේ ශරීරයේ පිංතූර. දැන් මේ යුද සමයේදී බාල වයස්කරුවන් සම්බන්ධ සැලකීම එය ත්‍රස්තවාදී පුතෙකු වේවා නොවේවා.
දැන් මේ රෝහණ විජේවීරට මොකද වුණේ? ඔහුවත් ඝාතනය වුණේ මේ ආකාරයෙන්මයි. ඒත් එයාගේ දරුවන් සහ පවුල ආරක්ෂිතයි.රජය ඔවුන්ව ආරක්ෂිතව ජීවත් වීමට සැලසුවා.මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ එයාලා එයාලගේ නායකයන්ව අමතක කරා.ඉස්සර ඉරු මහා දිනයත් සැමරුවා.දැන් අමතකයි. අඩුම සහරාන්ගේ දුවට මොකක්ද වුණේ? ඔවුන් ආරක්ෂිතයි.
ඇයි එහෙනම් ප්රභාකරන්ගේ දුවව මරන්න ඕනේ?මම කිව්වේ නැහැ ඒක වුණා කියලා. ඇත්තටම යුධ සමයේ එහෙම යුධ අපරාධයක් වෙලා තිබුණොත් ප්රභාකරන්ගේ පුතා ඝාතනය වෙලා තිබුණොත් ඒක විමර්ශනය වෙන්න ඕනේ.ඒක යුධ අපරාධයක් ලෙස සලකන්න ඕනේ.ඒකයි මගේ අදහස"