සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු මදුරු කීට ඝණත්වය...
By Parami Dissanayake
ඩෙංගු මදුරු කීට ඝණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
අප්‍රේල් මාසයේ 7.5ක්ව පැවැති කීට ඝණත්වය මැයි මාසය වන විට 10.6 දක්වා ඉහළ ගොස් ඇති බව එහි කීට විද්‍යාඥ සකුන්තලා ජානකි මහත්මිය සඳහන් කළේ ය.
පාසල් ආශ්‍රිතව ද කීට ඝණත්වය 70% කින් ඉහළ ගොස් ඇත.
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25,417 හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.