හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවෙන් අලුත්ම තත්ත්වය- කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 9 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇති අතර, නඩුවේ ඉදිරි විභාග කටයුතු එදින සිදු කිරීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම නඩුව ගොනු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට නියමිතව තිබේ.

අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තීරණාත්මක දවසක් - හේතුව මෙන්න

අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තීරණාත්මක දවසක් - හේතුව මෙන්න