තවම දැඩි සත්කාර ඒකකයේ - ඔක්සිජනය ගලවලා පැත්තකට දාලලු! (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යනු තවමත් දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙකුට සමාන බවයි.
ඔහු තවදුරටත් සඳහන් කළේ, ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු වන අතර, මෙරටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉන්දියාව සහය ලබා දෙන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගිය 25 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරියේ “බැංකු විදු පියස” හිදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.
Trending News Now
මෙම උත්සවයට හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු දේශපාලනඥයන් රැසක් සහභාගි වූහ.
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසීය:
"අපි මේ ආර්ථිකයට කරලා තියෙන්නේ. ඔක්සිජන් දුන්නු ඒ රෝගියාගේ වයර් ගලවලා,ඔක්සිජන් දෙන එක නතර කරලා දැන් ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. එතැන ඉද්දීත් බලන්න ඕනේ කොහොමද අපේ ආර්ථිකයේ හෘදය ක්‍රියාත්මක වන්නේ කියලා. ස්ථාවරභාවය ඇතිවී තිබුණත් රෝගියාට තවම හිටගන්න බෑ. රෝගියා නැගිට්ටුවන එක මේ ආණ්ඩුවේ වගකීමක්. ඒක හරියට කළ යුතුයි. අඩු ගානේ දැඩි සත්කාර ඒකකයෙන් කාමරයකට යන්න රෝගියා සනීප වෙන්න ඕනේ. කාමරේට දැම්මාට පස්සේ තමයි හොඳට කාලා බීලා,මහත්වෙලා පිටවෙලා යන්න පුළුවන් වෙන්නේ.
මේ රටේ දියුණුවක් ඇති කිරීමට සහ පුද්ගල ආදායම වැඩි කිරීමට නම්, ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. ආර්ථිකය වර්ධනය කිරීමට නම් අපට ප්‍රාග්ධනය සහ තාක්ෂණය තිබිය යුතුයි. නමුත් අප සතුව ඒවා නැහැ. එහෙනම් ඒවා බාහිරින් ලබා ගත යුතුයි. චීනයත්, ඉන්දියාවත්, වියට්නාමයත් එසේ බාහිරින් ලබා ගත්තා. ආයෝජකයන්ට අපි විශ්වාසය ලබා දිය යුතුයි. එම විශ්වාසය බිඳ දැමීම සාධාරණද?
මා රට හැර ගිය විට සමහරු ඇසුවා, ‘දැන් ඉන්දියාවට විරුද්ධද?’ කියලා. එවැනි මතයක් ලබා දීම හොඳ නැහැ. අපේ ආසන්නතම රට චීනය, ජපානය හෝ ඇමරිකාව නොව, ඉන්දියාවයි. අද ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 3.5ක්. 2050 වන විට එය නව ගුණයකින් වැඩි වෙනවා. මේ ධාරාවට එකතු වුණොත්, 2060 වන විට අපට ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ගොඩනඟන්න බැරිද? රුසියාවට හෝ ඇමරිකාවට එල්ලෙන්නද? ඔවුන් අපට ආසන්න නැහැ. ඉන්දියාව සමඟ එක්ව, ඉන්දුනීසියාව වැනි රටවල් සමඟ ගනුදෙනු කරමින් අපි දියුණු විය යුතුයි.”
